GitHub basic සිංහලෙන් ඉගෙන ගනිමු 02


අපි එක කොටසින් කරා කොහොමද අපේ project එක git hub එකට push කරන්නේ කියලා, මේ කොටසින් ඔයාලට මම  කියල දෙන්න යන්නේ කොහොමද group එකක් විදිහට project එක කරන්නේ කොහොමද කියලා.මේක කරන්න method දෙකක් තියෙනවා  මන් මේ පොස්ට් එකෙන් එක method එකක් තමා කියලා දෙන්නේ . git වලට අලුත් කෙනෙක් විදිහට වැරදි අඩුවෙන් project එක team එකක් විදිහට කරන හැටි


අපි හිතමු group projectඑකක් තියෙනවා  member ලා 3 දෙනෙක්  ඉන්න.M1,M2,M3 කියලා මම members ලා වර්ග  කරනවා


  1. පළමු පියවර විදිහට එක member කෙනෙක්,අපි හිතමු M1 කියන Member, project එකක් create කරලා, project එක push කරගන්න ඕනේ, github 1 කොටසින් මම ඒක කියල දුන්නා,මෙතනින් බලන්න.




  2. ඊට පස්සේ,අනිත් members ලා දෙන්නා, ,එයාලගේ github account වලින් log වෙලා,M1 member ගෙ github profile එකට ගිහින්,project push කරපු repository එක ඇතුලට ගිහින්, fork කියන button එක click, කරන්න M2,M3 member ලගෙ account එකේ Original repository එකේ copy යක් හැදෙනවා.
  3. දැන් කරන්න තියෙන්නේ fork කරගත්ත repository M1,M2 members එයාලගේ Computer එකට Clone කරන එක,Clone කරන්න කලින් git bash config කරගන්න ඕනේ,කරලා නැත්තම්, github 1 කොටසින් මම ඒක කියල දුන්නා,මෙතනින් බලන්න

    මේ විදිහට fork වුන repository එකේ clone link එක copy කරගන්න,
    දැන් clone එක save කරගන්න ඕනේ location එකට ගිහින් git bash open කරලා git clone ඔයා copy කරපු ලින්ක් එක ලෙස type කරන්න
  4. දැන් ඔයාට පුලුවන් මේ project එක IDE එකට import කරගෙන edit කරන්න,
  5. දැන් ඔයාට තියෙන්නේ repository එකට push කරන එක,ඒ නිසා clone වුන project එක ඇතුලට ගිහින් git bash open  කරලා...මේ command ටික use කරන්න.

සෑම edit එකදීම නැවත නැවත use කරයුතු Command

  1. ඔයා project එක edit කරලා ඉවර උනාම git status කියලා type කරන්න, මොකක් හරි change එකක් වෙලා නම් ඒක,කලින් වගේ red color එකෙන් file එකේ name එකත් එක්ක display වෙයි
  2. දැන් git add . කියලා type කරන්න
  3. git status එක ආයේ බලන්න,
  4. දැන්  git commit -a -m"ඔයාගේ message" එක type කරන්න
  5. දැන් git push කියලා type කරන්න,ඔයාගෙන්,github login username,password ඉල්ලුවොත්,ඒක දෙන්න.
  6. දැන් ඔයාගේ fork  කරගත්ත  repository එක update වෙලා ඇති,github account එකට ගිහින් බලන්න 
  7. දැන් M1 member  ගාව තියෙන master repository එකට M2 , M3 members හදපු  කොටස් ටික merge කරන්න ඕනේ ,ඒක කරන්න new pull request එකක් create කරන්න ඕනේ ,ඒ නිසා M1 , M2 දෙන්නටම new pull request,create කරන්න වෙනවා ,පහත දක්වා ඇති ලෙස ,
  8. දැන් තියෙන්නේ repository හදපු කෙනා නැතහොත් M1 member ට pull request එක accept කරලා ,merge කරන එක හැබැයි ,දැන් merge වෙන්නේ M1 repository එක විතරයි,M2,M3 fork කරපු repository වල ,new update එක නෑ ,මොකද එයාලගේ ඒවල තියෙන්නේ .තමන් කරපු ටික විතරයි

Github basic 3 කොටසින් ,මම ඔයාලට ,master repository එකත් එක්ක fork repository වලට computer එකේ තියෙන fetch ,merge and pull කරන එක, කියලා දෙන්නම්.

Comments

Post a Comment

Popular posts from this blog

GitHub basic සිංහලෙන් ඉගෙන ගනිමු 01

GitHub basic සිංහලෙන් ඉගෙන ගනිමු 03