GitHub basic සිංහලෙන් ඉගෙන ගනිමු 01



Git කියන්නේ VCS Version Controlling System එකක් ඒ කියන්නේ අපි මොකක් හරි Group Project කරද්දී ඒක Member la එක්ක බෙදාගෙන හරියට. අඩුපාඩු නැතුව,අපේ project crash උනොත් restore කරන්න පුළුවන් පහසුකම හා නිවැරදි ලෙස intergrate හැකියාව වැනි දේවල් ඉතා පහසුවෙන් කරන්න පුලුවන් system එකක් තමා git කියන්නේ,
  1. අපි පළමු වෙන්ම git bash අපේ පරිගණකයට install කරගත යුතුය මෙතනින් lastest version එක download කරගන්න
  2. දෙවනුව github account එකක් හදාගත යුතුය මෙතනින්

git config කරන ආකාරය



  • right Click  කරලා git bash open කරගන්න
  • ඉන් පසු මේ command දෙක type කරලා ඔයාගේ github usename එකයි,git register උන email එකයි දෙන්න,
  • දැන් git config --list කියලා type කරන්න,එන list eke ඔයාගේ username ,email තියෙනවද කියලා බලන්න

Manage Remote Repository – Project First Method 

  • git use කරන එකේ ප්‍රධාන අරමුණ Repository එකට අපේ project එක push කරන එක, Repository එකක් කියන්නේ සරලව කිව්වොත් github එක ඇතුලේ අපේ project එක store කරන location එකකට
  1. දැන් ඔයා ඔයාගේ project එක තියෙන folder එක ඇතුලට යන්න,right කරලා git bash open කරගන්න,ඔයා හරියටම folder එක ඇතුළෙද ඉන්නේ කියල ඔයාට දැනගන්න පුළුවන්,pwd කියල type කරන්න.
  2. දැන් git init කියල type කරන්න ,හොදට මතකතියා ගන්න,මේ command එක type කරන්නේ එකම එක පාරයි,ආයේ ඔයා කිසිම වෙලාවක ඔයාගේ මේ project ඇතුලේ මේ command එක type කරන්නේ  නැහැ,මොකද කියනවා නම් මේ command එකෙන් කරන්නේ ඔයාගේ project එක ගාව repository එකක් හදනවා වගේ වැඩක්,
  3. දැන් git status කියල type කරන්න, දැන් ඔයාගෙත් මේ වගේ එනවා නම්,ඔයාගේ project එක ඇතුලේ හැදෙන repository හැදිලා ඉවරයි.
  4. දැන් ඔයාගේ github account එක ඇතුලේ remote repository එක හදාගන්න ඕනේ,


  5. දැන් ඔයා git add .  කියලා type කරන්න, ඊට පස්සේ, git status    කියලා type කරන්න
  6. දැන්  git commit -m"ඔයාගේ message" එක type කරන්න
  7. දැන් git remote add origin ඔයාගේ repository  එකේ ලින්ක් එක,පහත ඇති විදිහට අරන් copy paste කරන්න

  8. දැන් අවසන් පියවර, ලෙස git push -u origin master  කියලා type කරන්න,ඔයාගෙන් git hub එකේ email එකයි password එකයි ඉල්ලුවොත්, log වෙන්න git bash එකෙන්


  • දැන් git hub එක reload කරන්න.ඔයාගේ project එක දැන් git hub account එකේ repository එකට push වෙලා ඇති


සෑම edit එකදීම නැවත නැවත use කරයුතු Command

  1. ඔයා project එක edit කරලා ඉවර උනාම git status කියලා type කරන්න, මොකක් හරි change එකක් වෙලා නම් ඒක,කලින් වගේ red color එකෙන් file එකේ name එකත් එක්ක display වෙයි
  2. දැන් git add . කියලා type කරන්න
  3. git status එක ආයේ බලන්න,
  4. දැන්  git commit -a -m"ඔයාගේ message" එක type කරන්න
  5. දැන් git push කියලා type කරන්න,ඔයාගෙන්,github login username,password ඉල්ලුවොත්,ඒක දෙන්න.

Comments

Post a Comment

Popular posts from this blog

GitHub basic සිංහලෙන් ඉගෙන ගනිමු 02

GitHub basic සිංහලෙන් ඉගෙන ගනිමු 03